27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Business Business News News

මහ බැංකුව නොතකයි.. පුද්ගලික මුල්‍ය ආයතනවල උකස් කල රන් බඩු කෙටි කලකින් සින්න කිරිමේ ජාවාරමක්..

ශ්‍රි ලංකා මහ බැංකුවේ උපදෙස් වලට සහ නියෝග වලට පටහැනිව කටයුතු කරමින් හැටන් ඇතුළු වතු ආශ්‍රිත නගර වල පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතන විසින් ගණුදෙණු කරුවන් උකස් තබන ස්වර්ණාභරණ කෙටි කාලයක් තුල ඔහුන් සතු කර ගැනිමේ ජාවාරමක් ක්‍රියාත්මක් කරන බව ස්වර්ණාභරණ උකස්කරුවන් කියා සිටියි.

රාජ්‍ය ආයතන වල රන් පවුමක් උකස් කිරිමේදි ගණුදෙණුකරුවන්ට ආපසු එම ස්වර්ණාභරණ වසරක් වැනි කෙටි කාලයක් තුල ආපසු හරවා ගැනිම සදහා වෙලදපොලේ රන් පවුමක් අලෙවි වන වටිනාකමින් හරි අඩක් පමණක් ලබාදෙනු ලබයි.

එයට පටහැනිව කටයුතු කරමින් පෞද්ගලික මුල්‍ය ආයතන විසින් සිය ගණුදෙණුකරුවන්ට රන් පවුමකට ලබාදිය හැකි උපරිම මුදල 4.5% පොලිය මත ලබා දි උකස් තබන ස්වර්ණාභරණ ආපසු බේරා ගැනිම සදහා ඉතා කෙටි කාලයක් ලබාදෙන බවත්, එම කාලය තුල උකස් තබන ලද ස්වර්ණාභරණ ආපසු බේරා ගැනිමට නොහැකි වුවහොත් එම ස්වර්ණාභරණ සින්න කර ගැනිමේ ජාවාරමක් ක්‍රියාක්මක වන බවයි ගණුදෙණුකරුවන් කියා සිටින්නේ.

හදිසි අවස්තාවකදි මුදල් අවශ්‍යතාවය මත උපරිම මුදලක් ලබාගැනිමේ අරමුණින් පෞද්ගලික මුල්‍ය ආයතන වෙත ගොස් තම ස්වර්ණාභරණ උකස් තබන බවත්, එම පවතින ආර්ථික තත්ත්වයත් සමග කෙටි කාලය තුල උකස් තබන ලද ස්වර්ණාභරණ ආපසු බේරාගැනිමට නොහැකි විම හමුවේ තමන් උකස් කරන ලද ස්වර්ණාභරණ මේ වන විට සින්න වි ඇති බවයි ගණුදෙණුකරුවන් කියා සිටින්නේ.

වතු ආශ්‍රිත ප්‍රදේශවල ස්වර්ණාභරණ උකස් ගන්නා මුල්‍ය ආයතන සහ පුද්ගලයින් රැසක් මෙම ජාවාරම සිදු කරගෙන යන බවත්, එසේ ස්වර්ණාභරණ උකස් ගන්නා වැඩි පිරිසකට ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුමැතියද ලබාගෙන නොමැති බවයි එම ගණුදෙණු කරුවන් කියා සිටින්නේ.

එම පෞද්ගලික මුල්‍ය ආයතන විසින් රන් පවුමක් සදහා ලබාදෙන උපරිම මුදල සදහන් කර හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල දැන්විම් පුවරුද ප්‍රදර්ශනය කර ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

අබා කුමරුගේ ස්වර්ණපාලි සජිතගේ කුමරිය වුණු හැටි

Shiran Viraj

ආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…

Shiran Viraj

හිටපු ජනපති ගත් තීරණයකට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

Shiran Viraj