mediahumanrights.lk
Local NewsNews

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

වසර 4 කට ආසන්න කාලයක් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කල ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාට උපහාර පිදිමේ උත්සවයක් (25) දින පස්වරුවේ බගවන්තලාව විවේකාරාම විහාරස්ථානයේ රැස්විම් ශාලාවේදි සිදු කෙරිණ.

වසර හතරක කාලයක් බගවන්තලාව ප්‍රදේශයට ශාන්ත බණ්ඩාර මහතා විසින් සිදු කල මෙහෙවර වෙනුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ ජිවත් වන සිංහල , දමිල , මුස්ලිම් ප්‍රජාව විසින් මෙම උපහාර පිදිමේ උත්සවය සංවිධානය කර තිබුණි.

ශාන්ත බණ්ඩාර මහතා හැටන් පොලිස් කොට්ඨශයේ සිට නුවරඑලිය පොලිස් කොට්ඨාශයට අයත් ආගරපතන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කිරිමට පොලිස් මුලස්ථානය විසින් ස්ථාන මාරුවිම ලබා දි ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

Shiran Viraj

අද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයි

Shiran Viraj

බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ…

Shiran Viraj
Translate »