mediahumanrights.lk
Local NewsNews

රටම විෂ වායුවකින් වැසී යයි.. මුව ආවරණ පලදින්නැයි කියයි..

රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මීදුම වැනි අඳුරු තත්ත්වයක් ඇතිව තිබෙන බව ප්‍රදේශ රැසකින් ම වාර්තාකරුවන් කියා සිටිති.

මීට හේතු ඇත්තේ වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යාමත් සමග ඇතිව තිබෙන තත්වයයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ ඇති වී තිබෙන කුණා සුළි කුණාටු සහිත තත්ත්වය මත ඉන්දියානු අර්ධද්වීපයේ දූවිලි අංශු සහිත වායු දහරා ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඇතුළු වීම හේතුවෙන් දුවිලි අංශු ඉහල ගොස් තිබේ. මේ සමගම රටපුරා වායු දූෂණ මට්ටම ද ඉහළ ගොස් ඇත.

පවතින අයහපත් කාලගුණ තත්වය තවත් දින දෙක තුනක් පවතිනු ඇතැයි ද අදාළ ආයතන කියා සිටී.

පවතින තත්වය හේතුවෙන් ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් ගේ අපහසුතා වැඩිවනු ඇති නිසා ඔවුන් හැකිතාක් මුව ආවරණ පැළඳ නිවෙස් තුළම රැඳී සිටින ලෙස ද ඉල්ලා සිටී.

Related posts

පොලිස් නිලධාරියෙකුගෙන් උතුම් වැඩක්..

Shiran Viraj

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

Shiran Viraj

IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..

Shiran Viraj
Translate »