mediahumanrights.lk
Local NewsNews

ගල් අගුරු ගුවනින් මත්තලට ගෙන්වා එතැනින් අධිවේගයෙන් නොරොච්චෝලට ගේනන්ත් පුළුවන්..

නොරොච්චෝල ගල් අගුරු බලාගාරය ජනවාරි මස පළවෙනිදා වන විට නැවතීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

වාරකන් කාලයට පෙර නැවෙන් ගල් අගුරු ගෙන ඒමට නොහැකි වූවොත් ත‍්‍රිකුණාමල වරායට ගෙනවිත් එතනින් ලොරිවලින් ගෙන එන බවට විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතත් එය ප්‍රායෝගික නොවන බව සංගමයේ සභාපති සභාපති නිහාල් වීරරත්න මහතා පැවසීය.

මත්තලට ගුවන් මගින් ගල් අගුරු ගෙනැවිත් එතැන් සිට අධිවේගී මාර්ගයෙන් නොරොච්චෝලට ගෙන දෙන බවටද ඉදිරියේදී ප‍්‍රකාශ කලහොත් පුදුම නොවන බවද ඔහු සදහන් කරයි.

කෙසේ හෝ නොරච්චෝල බලාගාරය දිගටම ක‍්‍රියාත්මක කරන්න නම් ජනවාරි පලමුවැනිදා වන විට ගල් අගුරු නැවක් පැමිණිය යුතුම බවත් පැවසූ ඔහු දැනට පවතින තත්ත්වය මත ජනවාරි මාසයේ මුල් සතිය තුල ගල් අගුරු නොමැතිව විදුලි සැපයුම දැඩි අර්බුදයක් වන බවද කියා සිටියේය.

Related posts

අමාත්‍යාංශ කාර්යාල 32කට STF යවයි

Shiran Viraj

රොෂාන් පිලපිටිය අවුරුදු 22ක තරුණියක් සමග යුග දිවියට?

Shiran Viraj

ඕනෑම අවධානම් තත්ත්වයකට මුහුණ දෙන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුදානම් කරයි

Shiran Viraj
Translate »