mediahumanrights.lk
NewsPolitical

තව ඇමතිවරුන් දිවුරන්න සූදානම්.. ජොන්ස්ටන්, දුමින්ද හා SJB දෙදෙනෙක් ඒ අතර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය 30 දක්වා වැඩි කළ හැකියි.

ආණ්ඩුවේ ඉතිරි අමාත්‍යවරුන් සංඛ්‍යාව පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

පොදුජන පෙරමුණෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන යන මන්ත‍්‍රිවරුනට ඇමතිකම් ලැබෙනු ඇති අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකටද ඇමති ධුර ලැබෙනු ඇත.

මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

Related posts

අනාගත ආපදාවලට සූදානම් වීමට දියුණු උපකරණ සහ මානව සම්පත් අත්‍යවශ්‍යයි – විජිත හේරත්

Shiran Viraj

ඉන්ධන බද්ද රු.50ක් අඩු කිරීමට යෝජනා – බලශක්ති ඇමති කුමාර ජයකොඩි

Shiran Viraj

යාපනයේ පාතාල කල්ලි 17 ක්‌ අල්ලන්න පොලිස්‌ මෙහෙයුම්

Shiran Viraj
Translate »