24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
NewsSportsSports News

කොන්ඩමයක් නොදැමීම.. තදින් සිරකිරීම…- ධනුෂ්කට විරුද්ද චෝදනා මෙන්න..

විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරවරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර දැමීම හේතුවෙන් ඇය “සිය ජීවිතය පිළිබඳ බියකින්” සිටි බවට අධිකරණ ලේඛන මගින් චෝදනා කර තිබේ.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා 4ක් ලැබ සිටින 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීමේදී කොන්ඩමය ගලවා දැමීමේ චෝදනාව ද එල්ල වී තිබේ.

කෙසේවෙතත් ධනුෂ්ක පොලිසිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කිසිදු ප්‍රචණ්ඩත්වයක් නොකළ බව හෝ ඇයගේ කැමැත්තක් නොතිබූ බව ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු විදෙස් ගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය තර්ක කිරීමෙන් පසු ඉකුත් සඳුදා ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම සිඩ්නි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අධිකරණ ලේඛන වල දක්වා ඇති චෝදනා

අධිකරණය තුළ කරුණු වාර්තා කිරීම සඳහා පැවති අතුරු නියෝගය ඉවත් කරමින් පොලිස් ලේඛන වාර්තා කිරීමට සිඩ්නි අධිකරණය අද අවසර දුන්නේය.

අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් කරුණුවලට අනුව ධනුෂ්ක ගුණතිලක සහ අනන්‍යතාව හෙළිදරව් නොකළ 29 හැවිරිදි පැමිණිලිකාර කාන්තාව පසුගිය ඔක්තෝබර් 29 වන දින ටින්ඩර් App ඔස්සේ දැන හඳුනගෙන ඇත.

පැමිණිලිකාරියගේ නිවසට යාමට පෙර බීමකට සහ රාත්‍රී ආහාරය සඳහා නොවැම්බර් 2 වන දින සිඩ්නිහිදී හමුවීමට දෙදෙනා එකඟ වූ බව ලේඛනවල දැක්වේ.

ධනුෂ්ක ගුණතිලක එම කාන්තාව සමඟ “බලහත්කාරයෙන්” ලිංගික සංසර්ගයේ නිරත වූ බවටත්, තුන් වතාවක් – තත්පර 30ක් දක්වා වරක් ඇගේ හුස්ම හිරකර ගෙන සිට ඇති බවටත් චෝදනා එල්ල වේ.

“පැමිණිලිකාරිය සිය ජීවිතය ගැන බියෙන් සිටි නිසා විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි විය” යැයි පොලිසිය අධිකරණ ලේඛනවල චෝදනා කර ඇත.

ධනුෂ්ක ගුණතිලකට උපත් පාලන කොපුවක් පළඳින ලෙස දන්වා සිටියද, ලිංගික අපයෝජනය සිදුව ඇතැයි කියන අවස්ථාවේදී කොන්ඩමයක් බිම වැටී තිබෙනු දුටු බවද එම කාන්තාව පොලිසිය වෙත පවසා තිබේ.

කොන්ඩමයක් නොමැතිව ලිංගිකව එක්වීමට හෝ හුස්ම හිරවීම සමඟ ලිංගිකව එක්වීමට තමන් එකඟ නොවූ බව කාන්තාව පැහැදිලිව දක්වා ඇතැයි ද පොලිසිය අනාවරණය කර ඇත.

පසුදින, පැමිණිලිකාරිය මිතුරන් දෙදෙනෙකුට සිදු වූ දේ පවසා, උපදේශන සේවාවකට ද කතා කර තිබේ.

පොලිසියට පැමිණිලි කිරීමට පෙර ඇය සිය වෛද්‍යවරයාද හමුවී ඇත.

පසුව ඇය රෝහලේදී ලිංගික අතවර පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වූ අතර හුස්ම හිරවීම නිසා හානියක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ඇය මොළයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය වූ බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

අධිකරණ ලේඛනවල විස්තර කර ඇති ආකාරයට පොලිසිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ධනුෂ්ක ගුණතිලක ප්‍රචණ්ඩත්වයක් දැක්වූ බව ප්‍රතික්ෂේප කළ අතර ඇයගේ කැමැත්ත අනුව ලිංගික ක්‍රියා සිදුවු බවද ප්‍රකාශ කර තිබේ.

නමුත් රහස් පරීක්ෂකයින් විසින් විමසූ විට, කැමැත්ත පිළිබඳව පැමිණිලිකාර කාන්තාව සමඟ කළ සංවාද ඔහුට

සිහිපත් කළ නොහැකි වූ බවද පොලිසිය සඳහන් කළේය.

නිව් සවුත් වේල්ස් (NSW) හි නව “තහවුරු කළ කැමැත්ත” නීති යටතේ – චෝදනා කරන සිද්ධිය සිදු වූ තැන – පුද්ගලයෙකු ලිංගිකත්වය සඳහා ඔවුන්ගේ කැමැත්ත සන්නිවේදනය කිරීමට යමක් පැවසීම හෝ යම් දෙයක් කළ යුතුය.

ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ නව නීති ප්‍රතිසංස්කරණ මගින් අනුමැතියකින් තොරව කොන්ඩම් ඉවත් කිරීම – ලිංගික අතවර වරදක් බවට පත් විය.

– BBC

Related posts

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Shiran Viraj

මහින්දගේ නිවසේ කුළිය ලක්ෂ 46යි.. ගෙව්වේ නැත්නම් රජයට පවර ගන්නවා..- ජනපති

Shiran Viraj

ඔබත් යන යන තැන සෙල්ෆි ගන්නවද? එහෙමනම් අනිවාර්යෙන්ම මෙම සටහන කියවන්න

Shiran Viraj
Translate »