28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රියමාලි නිවේදක යුවලකට ගේ හදාගන්න කෝටි එකහමාරක් දීලා.. CID ප‍්‍රශ්ණ කරයි..

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව වංචනික ලෙස උපයාගත් බව කියන රුපියල් කෝටි එකහමාරක මුදලක් ජනප්‍රිය නිවේදක අඹුසැමි යුවළකට ලබාදී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මෙම නිවේදක අඹුසැමි යුවළගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව මෙම යුවළට අදාළ මුදල ලබාදී ඇත්තේ නව නිවසක් ඉදිකර ගැනීමට බව ද හෙළිවී ඇත. තිළිණි ප්‍රියමාලි සමග ගනුදෙනු කළ තවත් රංගන ශිල්පිනියක්, මෝස්තර නිරූපිකාවන් ඇතුළු 6 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම කාන්තාව විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි 300 කට අධික මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බව අනාවරණය විය.

මේ වනවිට එම කාන්තාව ඇගේ පෙම්වතා චීවරධාරියකු ඇතුළු සිව් දෙනෙක් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

හේමන්ත රන්දුණු

Related posts

පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර කිහිපයක් කුණු කූඩයට…

Shiran Viraj

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

Shiran Viraj

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

Shiran Viraj
Translate »