2026-01-17
mediahumanrights.lk
Local NewsNews

රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..

ඖෂධ හිඟයට අමතරව සමහර රෝහල්වල රෝගීන්ට, සෞඛ්‍ය කාර්යය සහායකයන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල ලබා ගැනීම විශාල ගැටලුවකට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

ආහාර සැපයුම් කරුවන්ට නිසි ලෙස මුදල් ලබා නොදීම නිසා රෝහල් වලට ආහාර පලතුරු, සුප්, කැඳ වර්ග සකස් කිරීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හා බිත්තර, මස්, මාළු සැපයීම සීමා වෙමින් තිබෙන බවද සංගමයේ සභාපති එස්.බී. මැදවත්ත මහතා සඳහන් කළේය.

ලංකාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලට පවා මෙම ගැටලුකාරී තත්ත්වය පවතින බවද පැවසූ ඔහු රෝග තත්ත්වයන් සුවවීම සඳහා රෝගීන්ට ඖෂධ සේම පෝෂ්‍යදායි ආහාර ලබා දීම සිදු කළ යුතු බවත් පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිග මුදල් ගෙවා කඩිනමින් මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

ජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේ

Shiran Viraj

සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…

Shiran Viraj

මම බොන කෙනෙක් නෙවෙයි

Shiran Viraj
Translate »