mediahumanrights.lk
International NewsNews

රුසියාව සිරකරගෙන සිටි ලාංකික සිසුන් පිරිසක් අපි බේරාගත්තා..- යුකේ‍්‍රන ජනපති

රුසියානු හමුදාව විසින් පසුගිය මාර්ත මාසයේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු තම හමුදා විසින් මුදා ගත් බව යුක්‍රේන ජනාධිති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

රුසියා හමුදා විසින් පසුගිය මාර්තු මාසයේදී යුක්‍රේනය ආක්‍රමණය කළ අවස්ථාවේදී කාර්කිව් ප්‍රදේශයේදී මෙම සිසුන් රුසියා හමුදා භාරයට පත්ව ඇති බවත් ඔහු පැවසීය.

කුප්යෑන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෙම සිසුන් ඇතුළු තවත් සිවිල් වැසියන් රැසක් මුදා ගැනීමට හැකිවූ බවත් යුකේ‍්‍රන ජනාධිපතිවරයා සදහන් කර ඇත.

රුසියා හමුදා විසින් මෙම පිරිස කදවුරක සිරකරුවන් ලෙස රඳවාගෙන සිටි බවත් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරයි.

Related posts

සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?

Shiran Viraj

රන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

Shiran Viraj

ප්‍රථමවරට තිරසර සංවර්ධනය වෙනුවෙන් තේරුම් කාරක සභාවක් පත් කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

Shiran Viraj
Translate »