2026-01-23
mediahumanrights.lk
Local NewsNews

අයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…

අයවැය හිගය පියවීම සඳහා සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ රටේ හොරු ඇල්ලීමේ වගකීම බොරු විසින්ම බාරගෙන ඇති බවත් එනිසා කිසිදාක හොරු ඇල්ලීමක් සිදු නොවන බවත්ය.

ජනතාව නායකයන් පත් කරන්නේ හොරු ඇල්ලීමට බවත් දැන් කරන්නේ බලය අරගෙන හොරුන් ආරක්ෂා කිරීම බවත් කිසිවෙකුගෙන් ජාතික වගකීම ඉටු නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙරට දේශපාලකයන්ගේ හොරකම් ඇල්ලීමට ජාත්‍යන්තර කොමිෂන් සභාවක් පත් කළ යුතු බව පවසන උන්වහන්සේ මෙම දේශපාලන ප්‍රතිපත්තිය නැවැත්වීමට ජාත්‍යන්තර සහාය ලබාගත යුතු බවද කියා සිටියහ.

Related posts

උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj

ජනාධිපති ඉදි​රියේ නිවාස අධිකාරියේ කෙරුම් හෙළි වේ

Shiran Viraj

බංගලි අරගලයෙන් පෝලිම් සැප කනේ.. ගාමන්ට් රැසක් වසා ආයෝජකයෝ රටින් පනිති.. IMF ණය නොලැබුනොත් බංකොලොත්..

Shiran Viraj
Translate »