mediahumanrights.lk
Local NewsNews

වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…

ගාල්ල, ගාල්ල වරාය, තිස්සමහාරාමය, අහුංගල්ල හා කතරගම යන පොලිස් වසම්වල සිදු වූ යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් පසුගිය දිනවල එම පොලිස් ස්ථාන වෙත වාර්තාවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කර තිබෙයි

අදාළ සිද්ධි සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මගින් විමර්ශන සිදු කිරීමේ දී ජූලි 31 වැනි දින රත්ගම පොලිස් වසමේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදියෙ අංක තහඩුව ජූලි මස 05 වැනි දින අහුන්ගල්ල පොලිස් වසමේ දී සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

එමෙන්ම ජුනි මස 26 වැනි දින මිද්දෙණිය පොලිස් වසමේ දී මෝටර් රථයකින් පැමිණ වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සඳහා සැකකරුවන් පැමිණ තිබු මෝටර් රථයේ සවිකර තිබූ අංක තහඩු ද බේරුවල ප්‍රදේශයේ දී සොරාගන්නා ලද අංක තහඩු බවට අනාවරණය වී තිබෙයි

තවද පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුවීම්වලට අදාළව අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන සිදු කිරීමේ දී සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථ හා යතුරුපැදිවල ලියාපදිංචි අංක තහඩු ව්‍යාජ ඒවා බවත් ඒවා ඉහත සඳහන් කළ පරිදි විවිධ ප්‍රදේශවල යතුරුපැදිවලින් සොරා ගන්නා ලද අංක තහඩු බවටත් නිරීක්ෂණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම ආකාරයට යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් තවදුරටත් මෙවැනි අපරාධ සිදු කිරීමට පූර්ව සැලසුමක් ද යන්න බවට පොලිසිය සැක කරන බව ද එම නිවේදනයේ සදහන් වෙයි

එබැවින් තම යතුරුපැදි හෝ වාහන මාර්ගයේ හෝ වෙනත් ස්ථානවල නවතා යාමේ දී විශේෂයෙන් රාත්‍රී කාලයේ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස රියැදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියි

මෙවැනි සොරකමක් සිදු වූ වහාම ළගම පිහිටි පොලිසියට පැමිණි කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි

Related posts

විපක්ෂයේ සිට තවත් පක්ෂ 2ක් ආණ්ඩුව කරන බව මහින්ද හෙළි කරයි (VIDEO)

Shiran Viraj

අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ..ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි..

Shiran Viraj

බලන් ඉඳලා බැරිම තැන දෙමව්පියනුත් කොළඹ කොටුවෙන් සටන අරඹයි

Shiran Viraj
Translate »