31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ජපානයට…

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජූලි 31 සිට අගෝස්තු 11 දක්වා ජපානයේ සංචාරයක නිරතව සිටියි. ජපානයේ රැඳී සිටින කාලය අතරතුර ඒ මහතා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, විදේශ රැකියා සහ ප්‍රාථමික අධ්‍යාපන යන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සහ සහයෝගීතා ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට, ජපන් රජයේ ප්‍රධාන බලධරයින් කිහිපදෙනෙකුම හමුවීමට නියමිතය.

පසුගිය අගෝස්තු පළමුවැනි දා ප්‍රේමරත්න මහතා, ජපානයේ පරිසර අමාත්‍ය ට්සුයෝෂි යමගුචි මහතා හමුවී, ජපානය සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තේය. එහිදී ඒ මහතා තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කරගැනීම පිණිස, ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කර්මාන්ත ගොඩනැගීමට සහ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය පුනර්ජනනීය බලශක්තිය බවට පරිවර්තනය කළ හැකි විවිධ තාක්ෂණික ක්‍රමවේද ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ජපානයට ආරාධනා කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපනයනය ඉලක්ක කරගත් පොහොර නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව ද පැහැදිලි කළ මන්ත්‍රීවරයා, මේ අංශයේ ආයෝජන සලකා බලන ලෙස ද ජපානයට විවෘත ආරාධනාවක් කළේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා, ජපානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙහි විදේශ කටයුතු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, සංචාරක ජාතීන් පිළිබඳ අධ්‍යයන කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති, හිටපු පාර්ලිමේන්තු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සතෝෂි ෆුජිමරු මහතා ද හමු වූයේය. එහිදී ප්‍රේමරත්න මන්ත්‍රීවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙර පාසල් අධ්‍යාපනය, ඉගැන්වීමේ ක්‍රමවේද සහ පහසුකම් ජපානයේ පෙර පාසල් අධ්‍යාපන පද්ධතියට සමානුරූපී තලයකට ගෙන ඒමට සහය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළේය. මෙම හමුවීම් සංවිධානය කිරීමට සහය වූ ජපානයේ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳව සහ ප්‍රාදේශීය පුනර්ජීවන කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය, කොසො යමමොතෝ මහතා ද ප්‍රේමරත්න මහතා හමු වූයේය. මෙම අවස්ථාවට ප්‍රේමරත්න මහතා සමග ජපානයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති සේසත් තාඹුගල මහත්මිය ද සහභාගී වූවාය.

ජපානයේ ශ්‍රී ලංකා සංගම් හයක නියෝජිතයන් හමුවීම සඳහා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද සුහද හමුවකට ද අගෝස්තු 01 වැනිදා තානාපති කාර්යාල පරිශ්‍රයේදී ඒ මහතා සහභාගී වූයේය.

උද්දික ප්‍රේමරත්න මහතා 2022 අගෝස්තු 10 වැනි දා ජපානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට ද අපේක්ෂා කෙරේ.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

බැංකු පොලිය පහලට.. ගත් ණය පොලියත් පහලට..

Shiran Viraj

කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්

Shiran Viraj

උසස් පෙළ ප්‍රතිඵල අද

Shiran Viraj
Translate »