26 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Local News News

වෙලදපලේ බිත්තර අතුරුදහන්…

වෙළඳපොල තුළ බිත්තර විශාල හිඟයක් ඇතිවී තිබේ. සිල්ලර වෙළඳුන් සඳහන් කරන්නේ බිත්තර සැපයුම්කරුවන් විසින් බිත්තර සැපයීම මේ වන විට ඉතාම අඩු කර ඇති බවයි.

පාලන මිල පැනවීම හේතුවෙන් අලාභ විඳීමට සිදුවන බව පවසමින් සැපයුම්කරුවන් බිත්තර අලෙවි නොකරන බවද ඔවුන් සඳහන් කරති.

මේ අතර බිත්තර ව්‍යාපාරිකයන් රජයේ පාලන මිල දක්වා ගිය බිත්තර මිල අඩු කිරීමට එකඟතාවය පළ කළ බව වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යා නලින් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඒ අනුව බිත්තර මිල ක්‍රමයෙන් පහත වැටෙනු ඇති බව ද හෙතෙම පැවසීය.

සුදු බිත්තරයක් සඳහා රුපියල් හතළිස් තුනක් රතු බිත්තරයක් සඳහා රුපියල් හතලිස් පහක් ලෙස රජය විසින් පාලන මිලක් පැන වුවද වෙළඳුන් සඳහන් කරන්නේ සත්ව ආහාර හා ඖෂධ මිල ඉහළ යාම මත බිත්තර නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවන සිදුවන බවයි.

Related posts

ජනපති මානව හිමිකම් කඩකල බවට පැමිණිලි කෙරේ….

Shiran Viraj

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෙන් ප්‍රකාශයක් ගනියි

Shiran Viraj

වෙන වෙනම ආණ්ඩු පිහිටුවන්න යන ගමනට 'චමල් සහ දිනේෂ්ගේ' නම් කියමින් දුන් විසඳුම

Shiran Viraj