mediahumanrights.lk
NewsPolitical

සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමති

ශ්‍රී ලංකාවට ආහාර හිගයක් සහල් හිගයක් කිසිසේත්ම ඇති වන්නේ නැතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය මහ කන්නයේ ලැබුණු වී අසවැන්න තවත් මාස හතරකට ප‍්‍රමාණවත් වන බවත් ඊළඟ යල කන්නයෙන් එන අස්වැන්න තවත් මාස තුනකට ප්‍රමාණවත් බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව ඉදිරි මාස අටක කාලය සඳහා අවශ්‍ය වී තොග රට තුල ඇති බවද හෙතෙම කියා සිටී.

සහල් සඳහා පාලන මිලක් පැන වූ පසු වී තොග සඟවා ගැනීමට මෝල් හිමියන් සහ තොග රැස්කරන්නන් කටයුතු කිරීම නිසා ජනතාව කලබලයට පත්වී ඇති බවද ඔහු පැවසීය.

සිය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

Shiran Viraj

සීල් මත්ස්‍යයාට බාධා එපා

Shiran Viraj

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයි

Shiran Viraj
Translate »