mediahumanrights.lk
Local NewsNews

කොළඹ පාළුවට යයි.. ඉන්ධන නෑ..

කොළඹ නගරයේ සියලු මාර්ග මේ වන විට පාළු ස්වභාවයක් ගෙන තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟම රට නොනිල මට්ටමේ වසා දැමීමට ලක්ව තිබේ.

ඉන්ධන නොමැති කම හේතුවෙන් පුද්ගලික වාහන මාර්ගයට එක්වීම ඉතා අඩු වී ඇති අතර පොදු ප‍්‍රවාහන සේවානද්ද පූර්ණ ලෙස ක‍්‍රියාත්මක නොවේ.

රට පුරා ප්‍රධාන නගර මෙන්ම මහා මාර්ගවලද මේ ආකාරයෙන් වාහන විශාල වශයෙන් අඩුවී තිබේ.

අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය 50% කට වඩා අඩු මට්ටමකට පහත බැස ඇත.

රජය නිවේදනය කර ඇත්තේ ජූලි 10 තෙක් රට තුල ක‍්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍ය සේව පමණක් යයි වුවද මීලග ඉන්ධන තොගයක් මෙරටට පැමිණෙන තෙක් මෙම තත්වය පැවතෙනු ඇත.

ඉන්ධන නැවක් ඇණැවුම් කර මෙරටට ගෙන්වීමට අවම දින 08ක කාලයක් ගතවන අතර පවතින ලෝක තත්වය සමග ඒ ආකාරයෙන් ඉන්ධන ලබා ගැනීමට නොහැක.

Related posts

වහාම මැයි වන තෙක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj

ගම්මිරිස් ගොවීන් අසීරුවේ

Shiran Viraj

'එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ නව ව්‍යාපාර 225ක්

Shiran Viraj
Translate »