2026-09-07
mediahumanrights.lk
International NewsNews

ශ‍්‍රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…

මත්තල සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් බලපා ඇති දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ඒවා වැසීයාමේ අනතුරක් මතුව තිබේ.

ආර්ථික අර්බුද හේතුවෙන් නඩත්තු කිරීමේ දුෂ්කරතා හා ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම මත මෙම ගුවන්තොටුපල දෙක තවදුරටත් පවත්වාගෙන යාම දැඩි ගැටළුකාරි තත්වයකට පත්ව ඇත.

එමෙන්ම මෙම ගුවන් තොටුපොළ දෙකේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා ද විශාල මුදලක් වියදම් කිරීමට සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ සිට ගමන් අරඹන දිගු දුර ගුවන් යානා ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ඉන්දියාවේ ති‍්‍රවන්ද‍්‍රම් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඉන්ධන ලබා ගනිමින් සිටී.

මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා වලට දැනුම් දී ඇත්තේ ප්‍රමාණවත් ඉන්ධන සහිතව පැමිණෙන ලෙසයි. එසේ නොවන්නේ නම් වෙනත් ආසන්න ගුවන්තොටුපලවලින් ඉන්ධන ලබා ගෙන පැමිණෙන ලෙසත් දැනුම් දී ඇත.

බ්ල්ම්බර්ග් වෙබ් අඩවිය හරහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා විසින් මෙසේ දැනුම් දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ද දකුණු ඉන්දීය ගුවන් තොටුපළවලින් හා ඩුබායි ගුවන් තොටුපලේදී ඉන්ධන ලබා ගන්නා බවද එම වෙබ් අඩවියේ කියාසිටියි.

Related posts

රවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

Shiran Viraj

කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්

Shiran Viraj

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Shiran Viraj
Translate »