mediahumanrights.lk
Local News News

දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති තිබෙන රෝග තත්ත්වය ‘වලිප්පුව’ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මේ වන විට බන්දනාගාර නිලධාරීන් භාරයේ සිටී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ඖෂධ හිගය වලිප්පුවට ලබා දෙන ඖෂධ සඳහා ද දැඩිව බලපා ඇත.

මෙරට රෝහල් තුළ අවසන් ඇති අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස මෙම ඖෂධය ද නම් කර තිබේ.

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

ජනාධිපති සමාව යටතේ ඔහු නිදහස ලබා ඇතත් ජනාධිපති සමාව ලබා දුන් ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව මත එම ජනාධිපති සමාව අත්හිටුවා ඇත.

Related posts

දූෂණ චෝදනා ලැබූ ලක්සල හිටපු සභාපති ඇතුළු පිරිසට ඇප

Shiran Viraj

බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත් විවෘතයි

Shiran Viraj

අකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා.. 60ක් නිරෝධායනයට..

Shiran Viraj