27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

ගෑස් පෝලිමේ උණුසුම් තත්වයක්… පාලනයට යුද හමුදාව කැදවයි..

දින ගණනාවකට පසු නාවලපිටිය නගරයේ පිහිටි ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයාට සමාගමෙන් නිකුත් කල ගෘහස්ථ ගැස් සිලින්ඩර් 185 ක් බෙදා හැරිමේදි පාරිභෝගිකයන් සහ අලෙවි නියෝජිතයා අතර අවස්තා කිහිපයකදි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ගැස් ලබා ගැනිමට පොලිම් වල දින ගණනාවක් රැදි සිටි පාරිභෝගිකයන්ට ප්‍රමාණවත් තරම් සමාගම විසින් ගැස් තොග නිකුත් නොකිරිම හමුවේ මෙම උණුසුම්කාරි තත්ත්වය ඇති විය.

පොලිමේ රැදි සිටි පිරිසට පරිබාහිරව පිටතින් පැමිණි පිරිසකට ගෘහස්ථ ගැස් සිලින්ඩර් ලබාදිමට යාමේදි මෙම උණුසුම් තත්ත්වය දැඩි වු නිසා එම තත්ත්වය පාලනයට යුධ හමුදා භට පිරිස් සහ නාවලපිටිය පොලිසියේ නිලධාරින් යොදවා තිබුණි.

ගැස් ලබා ගැනිමට පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් සහ යුධ හමුදා භට පිරිස් වලටද අවස්තා කිහිපයකදි පාරිභෝගිකයන් විසින් බැන වදිමින් ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් ලබා ගැනිමට උත්සහ කලද ඇතැම් පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩර් ලබා ගැනිමට නොහැකි විය.

– රංජිත් රාජපක්ෂ

Related posts

නිව් ඩයමන්ඩ් – මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර

Shiran Viraj

රුසියාවේ ඉහළම සම්මානයක් ලංකිකයකුට හිමිවෙයි…

Shiran Viraj

60ට වැඩි දේශපාලඥයන් විශ‍්‍රාම ගත යුතුයි…

Shiran Viraj
Translate »