mediahumanrights.lk
Local News News

ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බව කියන නව අයවැය යෝජනාවලිය මගින් මෙරට සම්පත් විකුණා දැමීමට සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එම සම්පත් විකිණීම හරහා මෙරටට ඉන්ධන ලබා ගැනීමේ උත්සාහයක රජය නිරතවන බවද හෙතෙම පැවසීය.

මේ වන විටත් ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කොටස් විකුණා ඩොලර් උපයා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

Related posts

කම්කරු දිනය වෙනස් කිරිම ගැන අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශ කරයි

Shiran Viraj

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘කොටසකට’ නිදහස් පක්ෂය විරුද්ධයි

Shiran Viraj

මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමති

Shiran Viraj