mediahumanrights.lk
Local NewsNews

රාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව‍්‍ර කරනවා..- GMOA දන්වයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

රාජ්‍ය මර්දනය නවතනු…

දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ හදිසි නීතිය පැනවීම මගින් තම ආරක්ෂාව සලසා ගැනීමට දේශපාලනඥයින් කටයුතු කලද, දුෂිත දේශපාලන ක්‍රමය අවසන් කර ජනතාවගේ අරගලය සඳහා සැබෑ විසදුමක් ලබා දීමට වර්තමාන රජය හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයකට අවංක උවමනාවක් නොමැති බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුලින්ම පසක් වෙමින් පවතී.

පාර්ලිමේන්තුවේ රැස්වන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ජනතා ගැටලු සඳහා යථාර්ථවාදී විසඳුම් සාකච්ඡා කිරීම පසෙකලා ජනතාවගේ මුදල් වැයකරමින් ඔවුන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර සපුරාගැනීම සඳහා පමණක් කටයුතු කරමින් සිටින බව පසුගිය දින ගණනාවක් පුරා රැස්වූ සියලු පාර්ලිමේන්තු නියෝජිතයින් මනාව සනාථ කර ඇත. එමගින් අද වන විට වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රායෝගික වලංගු භාවය පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී ඇත.

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ විරෝධතා දැක්වීමට සහ භාෂණය සඳහා ඇති මූලික අයිතීන් උල්ලංඝනය කරමින්, ජනතාව මර්දනය කිරීම උදෙසා රජය විසින් හදිසි නීති රෙගුලාසි පනවමින් සිදුකරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටින අතර වහාම එම මර්දනකාරී නීති ඉවත් කර ජනමතයට හිස නමන ලෙස දේශපාලන අධිකාරියට බල කර සිටිමු.

තවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලනඥයින් වර්තමාන අර්බුදය සහ ජනතා ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම්, සියලු ආගමික නායකයින්, වෘත්තිකයන් සහ ජනතාව සමග එක්ව ජනතා ගැටළු වලට සංවේදී නොවන, වගකීම් විරහිත සියලුම අසමත් දේශපාලනඥයින්ට එරෙහිව ඇති විරෝධය තව දුරටත් පුළුල් කරමින්, ඉදිරි ක්‍රියාමාර්ග තීව්‍ර කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව කිසිසේත් නොපැකිළෙනු ඇත.

Related posts

"එස්.බී මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ" විමල් වීරවංශ පිල් මාරු කරයිද ? විමල්ම කියයි .!

Shiran Viraj

උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…

Shiran Viraj

ජනතාව ජීවත් කරවීමත් යුද්ධයක් ඒ වගකීම මමභාර ගන්නවා.“ගම සමගපිළිසඳර” අරඹමින් ජනපති බදුල්ල, හල්දුම්මුල්ලේදී කියයි

Shiran Viraj
Translate »