mediahumanrights.lk
Local NewsNews

පිරවුම්හලක හිමිකරු හා සේවකයින් පාරිභෝගිකයෙකුට අමානුෂිකව පහර දී බිම දිගේ ඇදගෙන යයි… හමුදාව නිහඩයි…

නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක අයිතිකරු , අයිතිකරුගේ පුත්‍රයා සහා එහි සේවකයින් එක්ව (22) දින රාත්‍රියේ පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

තුවාලකරු තම ත්‍රිරෝද රථයට පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිම සදහා දිගු වේලාවක් පොලිමේ රැදි සිටියදි ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුගේ මිත්‍රයෙකු පොලිමෙන් පිටත පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණි අවස්තාවේ ඒ පිලිබදව ත්‍රිරෝද රථ රියදුරා අයිතිකරුගෙන් සිදු වන අසාධාරණය පිලිබදව කරුණු විමසිමේදි ඇති වු උණුසුම් තත්ත්වයත් සමග මෙම පහර දිම සිදු වි ඇත.

පහර දිමෙන් තුවාල ලබා බිම වැටි සිටි ත්‍රිරෝද රථ රියදුරාව ඉන්ධන පිරවුම්හල් සේවකයින් විසින් බිම දිගේ ඇදගෙන ගොස් ඒ ආසන්නයේ පිහිටි නාවලපිටිය දුම්රිය ස්ථානයට දමා තිබියදි ඒ අසල පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිම සදහා පොලිම් රැදි සිටි පිරිසක් විසින් 1990 හදිසි ගිලන් රථ සේවය ගෙන්වා තුවාලකරුව නාවලපිටිය දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුද ත්‍රිරෝද රථයේ රියදුරා තමන්ට පහර දුන් බව පවසමින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

මෙම පහරදිම සිදු වන අවස්තාවේ එ අසල රාජකාරියේ නියැලි සිටි යුධ හමුදා භට පිරිස් නිහඩ පිලිවෙතක් අනුගමනය කල බව ඉන්ධන ලබා ගැනිමට පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් චෝදනා කර සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..

Shiran Viraj

ඇඳිරි නිතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ මෙන්න

Shiran Viraj

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලොකු පුටුවකට මොහොමඩ් ඕමාර් පත් කරලා – සේවකයන්ගෙන් ප්‍රබල විරෝධතාවයක්!

Shiran Viraj
Translate »