mediahumanrights.lk
Uncategorized

ආර්ථිකය බිද වැටී ගේ දෙර අතහැර පාරට බහී…

යාපනය නෙඩුන්තීවු දූපතේ වැසියන් දූපතේ පදිංචිව සිටියද පවතින ආර්ථික අවධානමත් සමගින් දෛනික ආහාර සොයාගැනීමටද නොහැකිවීම හා දූපතේ ගමනාගමන පහසුකම් නොමැතිවීමත් ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් එහි වැසියන් දූපත හැර වෙනත් ස්තානවලට යාම ආරම්භ කොට ඇත.

නෙඩුන්තීවු දූපතට මාස තුනකට අධික කාලයක පෙර සිටිම පැවති ස්ථීර බෝට්ටු සේවය නතරවීම හේතුවෙන් එම වැසියන් යාපනය දිස්ත්‍රීක්කයට ඇතුලු වෙනත් දූපත්වලට ගමන්කරනු ලැබුවේ සාමාන්‍ය ධීවර යාත්‍රා උපයෝගි කොටගෙන හේතුවෙන් එම ගමන් දැඩි ජීවිත අවධානමක් පවතින බවටද එම වැසියන් පැවසූහ.

දූපත් වැසියන් විරැකියාවෙන් පෙලීම, වෛද්‍ය පහසුකම් නොමැතිවීම, අධ්‍යාපන පහසුකම් නොමැතිවීම, ගමනාගමන පහසුකම් ඇතුලු කිසිදු යටිතල පහසුකම් නොමැතිවීම හේතුවෙන් එහි වැසියන් මේ වන විටත් යාපනය නගර ආසන්නයට සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට සංචරණය වීමට පටන්ගෙන ඇතැයි වාර්ථා වෙයි.

එමෙන්ම ලංකාවේ දැනට පවතින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලගණණ් අධික ලෙසින් ඉහල යාම හේතුවෙන් දෛනික අදායමක් හෝ ආර්ථිකයක් නොමැති පවුල් වලට නෙඩුන්තීවු දූපතේ ජීවත්වීම අඩි අපහසුතාවක් වූ අතරම බොහෝ පවුල්වලට ආහාර සොයාගැනීම දැඩි ලෙසින් අපහසු වූ බවටද එහි වැසියන් පවසති.

මෙලස නෙඩුන්තීව් දූපත් වැසියන් වැසියන් දූපත හරයාම පිළිබඳව වැඩිදුරටත් පවසා සිටින්නේ තමන්ට දෛනික ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් කිසියම් ආධාර වැඩිපිළිවලක් රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් මාර්ගයෙන් හෝ සලසා දෙන ලෙසටත් එසේ නොවන්නට නෙඩුන්තීවු දූපතේ සියලු වැසියන් දූපත හැරදමා යනු ඇති බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

විදුලි ගාස්තු 30කින් අඩු කරනවා.. එවිට විදුලි වාහන භාවිතය ලාබයි…

Shiran Viraj

Fall’s biggest fitness trend would make rocky proud

Shiran Viraj

kmspico download filehippo ✓ Activate Windows & Office Now

Shiran Viraj