2026-01-21
mediahumanrights.lk
BusinessBusiness NewsNews

සල්ලි අච්චු ගහන්න වෙනවා.. නැතොත් රජයේ සේවක පඩි ගෙවන්න බෑ…

මුද්‍රණය කරන ලද රුපියල් ට්‍රිලියන තුනක මුදලක් අවසන් වී ඇති බවත් දැනට රජය සතුව ඇත්තේ රුපියල් බිලියන 100ක මුදලක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එනිසා තවදුරටත් මුදල් අච්චු ගැසීම සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගත යුතුව ඇති බවත් එසේ නොකළහොත් රජයේ සේවකයන්ට පඩි ගෙවීමට හැකියාවක් නැති බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මුදල් අච්චු ගැසීම නොවන නමුත් මේ මොහොතේ මුදල් අච්චු නොගැසුවොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි වන බවත් හෙතෙම කියා සිටියේය.

බීබීසී සේවය සමඟ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.

Related posts

සිංහයන් දණ ගැස්සවූ ඉන්දියානුවන් අපේ කොල්ලන්ට ඇඬෙන විදිහට ජය සැමරුවේ මෙහෙමයි – වීඩියෝ

Shiran Viraj

උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj

ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..

Shiran Viraj
Translate »