mediahumanrights.lk
Local News News

ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…

කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය මේ දිනවල කාර්ය බහුල ස්වභාවයක් දරන බව ගුවන්තොටුපල නිලධාරීන් කියති.

නමුත් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ පර්යන්තය එතරම් කාර්යබහුල වීමක් දක්නට නැත.

මීට හේතු වී ඇත්තේ විදේශ රැකියා සඳහා පිටව යන අයට රජයෙන් වැඩි පහසුකම් ලබා දීම මත වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටවීම, අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් පිටත් වීම, මෙරට පැමිණ සිටින විදේශ සංචාරකයන් තම රට වලින් සිදුවන කැඳවීම අනුව ආපසු යාම බවත් එම නිලධාරියා පැවසීය.

දීර්ඝ කාලීන පදිංචිය සදහා විදේශගත වන පිරිස්වලද යම් ඉහල යාමක් ඇතැයිද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් රටට පැමිණීමට වඩා රටින් පිටවීම මෑත කාලයේ වැඩි වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.

Related posts

පොලිස් නිලධාරියෙක් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කරයි…

Shiran Viraj

ලන්ඩන් නුවර දී වාහනයක් පිරිසක් යට කරයි

Shiran Viraj

මැයි දිනයට ගෝල්ෆේස් එන්න.. නැතිනම් කැම්බල් හෝ ගැටබේ යන්න..- බැසිල් අමුතු කතාවක් කියයි

Shiran Viraj