28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..

දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට මේ මස (28) දින එලවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ රජයට එරෙහිව මේ මස (28) දින රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රටේ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට සැලසුම් කර ඇති නිසා කොළඹ මැනිං වෙලදපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එලවළු තොග එවිමට කටයුතු නොකරන ලෙසට කල ඉල්ලිමක් මත මෙම තිරණය ගත් බවයි.

එලවළු ගොවියා රැක ගැනිමේ අධිඨනනි මෙම තිරණය ගත් බවත්,එදිනට එලවළු රැගෙන යාමට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණෙන නිසා ආර්ථික මධ්‍යස්ථාන වසා දැමිමට සිදුවිය හැකි බැවින් මෙම තිරණය ගත් බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

මිට වසර 1 ½ ප්‍රථම මේ රටේ සමස්ත ගොවියා දැඩි පිඩාවට පත් කිරිමට වත්මන් රජය පියවර ගත් බවත්, මේ වන විට රසායනික පොහොර මිල ඉහල යාම, එලවළු බිජ ඇට වර්ග මිල ඉහල යාම ,කෘමිනාශක ද්‍රව්‍ය මිල ඉහල යාම ,ඉන්ධන මිල ඉහල යාම සහ එලවළු මිල මේ වන විට සිඝ්‍ර ලෙස පහල වැටිම හේතුවෙන් ගොවින් මේ වන විට කබලෙන් ලිපට වැඩි ඇති බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…

Shiran Viraj

කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

Shiran Viraj

කවුරුත් යන එන කොටුවේ කිසිවෙකු නොදත් සොහොන් බිම ?

Shiran Viraj
Translate »