mediahumanrights.lk
NewsPolitical

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණද එය අතහැර දැමීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එතෙක් එකතු කර ගැනීමට හැකියාව තිබී ඇත්තේ අත්සන් 46ක් පමණක් යැයි ද හෙතෙම පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

‘අගමැතිතුමාට සහය පල කරමින් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ගෙන් අත්සන් ගැනීම පෙරේදා ආරම්භ කළා. පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් දුරකතනයෙන් කතා කරමින් අනිවාර්රයෙන්ම අත්සන් කල යුතු බවට පොහොට්ටු මන්ත්‍රිවරුන්ට දැනුම් දුන්නා.

නමුත් එකතු කරන්න පුළුවන් වුණේ අත්සන් 46ක් පමණයි. ඒ නිසා ඒ උත්සාහය අත්හැර දැමීමට පොහොට්ටුවේ නායකයන්ට සිදුවුණා.

එය එසේ නොවේනම් අගමැතිට සහය පළකරමින් එකතුකල අත්සන් ලේඛණය වහාම ප්‍රසිද්ධ කරන්න කියා මම පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්ට අභියෝග කරනවා’

Related posts

උතුරේ හෝ දකුණේ ජාතිවාදයට ඉඩක් නෑ

Shiran Viraj

IMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…

Shiran Viraj

යුද හමුදා හිටපු බුද්ධි ප්‍රධානියා FCIDයට කැදවයි

Shiran Viraj
Translate »