mediahumanrights.lk
BusinessBusiness NewsNews

චීනයෙන් බිලියන දෙකහමාරක ණයක්.. බිලියනයක් චීන ණයක් ගෙවන්නමයි..

චීනයෙන් අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදල නියමිත පරිදි හිමිවනු ඇති බවට දැඩි විශ්වාසය පළ කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසා තිබේ.

විදෙස් පුවත් සේවයක් වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා ඇත්තේ එම කටයුතු ප්‍රගතියට පත් වෙමින් ඇති බවට චීන බලධාරීන් තමන් වෙත සහතිකයක් දී ඇති බවයි.

ශ්‍රී ලංකාව චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණයක් ගැනීමට අපේක්ෂා කර තිබේ. එම ණයෙන් බිලියනක් ලබන ජූලි මාසයට ගෙවීමට නියමිත චීන ණය ගෙවීම සඳහා වැය කිරීමට නියමිත අතර ඉතිරි 1.5ක මුදල ණය පහසුකමක් ලෙස ගැනීමට සැලසුම් කර තිබේ.

චීනය සමඟ සමීප සබඳතා පවත්වන රටක් වන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී අවස්ථාවේ ඔවුන් ශ්‍රී ලංකාවේ මේ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර දක්වනු ඇති බවට ආචාර්ය පාලිත කොහොන මහතා විශ්වාසය පළ කර තිබේ.

මේ ණය මුදල හිමි වන නිශ්චිත කාලරාමුවක් කිව නොහැකි බවත් ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත් හෙතෙම පවසා ඇත.

Related posts

Exclusive : ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..

Shiran Viraj

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Shiran Viraj

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයි

Shiran Viraj
Translate »