mediahumanrights.lk
BusinessBusiness NewsNews

චීනයෙන් බිලියන දෙකහමාරක ණයක්.. බිලියනයක් චීන ණයක් ගෙවන්නමයි..

චීනයෙන් අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදල නියමිත පරිදි හිමිවනු ඇති බවට දැඩි විශ්වාසය පළ කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසා තිබේ.

විදෙස් පුවත් සේවයක් වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා ඇත්තේ එම කටයුතු ප්‍රගතියට පත් වෙමින් ඇති බවට චීන බලධාරීන් තමන් වෙත සහතිකයක් දී ඇති බවයි.

ශ්‍රී ලංකාව චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණයක් ගැනීමට අපේක්ෂා කර තිබේ. එම ණයෙන් බිලියනක් ලබන ජූලි මාසයට ගෙවීමට නියමිත චීන ණය ගෙවීම සඳහා වැය කිරීමට නියමිත අතර ඉතිරි 1.5ක මුදල ණය පහසුකමක් ලෙස ගැනීමට සැලසුම් කර තිබේ.

චීනය සමඟ සමීප සබඳතා පවත්වන රටක් වන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී අවස්ථාවේ ඔවුන් ශ්‍රී ලංකාවේ මේ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර දක්වනු ඇති බවට ආචාර්ය පාලිත කොහොන මහතා විශ්වාසය පළ කර තිබේ.

මේ ණය මුදල හිමි වන නිශ්චිත කාලරාමුවක් කිව නොහැකි බවත් ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත් හෙතෙම පවසා ඇත.

Related posts

ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

Shiran Viraj

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

Shiran Viraj

UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..

Shiran Viraj
Translate »