mediahumanrights.lk
Local NewsNews

ඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..- මුල්ම සුබ පැතුම මහින්දගෙන්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු සුබ පැතුම මෙහි දැක්වෙයි.

සිංහල – දෙමළ අලුත් අවුරුදු පණිවුඩය

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩ උරුමයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

දුක්ඛ දෝමනස්සයන් පහ කොට සතුට ළඟාවීමේ අපේක්ෂාව සංකේතවත් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප සියලු දෙනාගේ මහා සංස්කෘතික මංගල්‍යයයි.

කෘෂිකර්මය පදනම් කරගත් ඓතිහාසික සමාජ සංස්කෘතික වටිනාකම් පරපුරෙන් පරපුරට දායාද වන අලුත් අවුරුදු උත්සවය සිංහල දෙමළ ජනතාවගේ අතීත සබැඳියාව  සිහිගන්වයි.

නැකත් චාරිත්‍රයන්ට මුල් තැන දෙමින් අප සියලු දෙනාගේ අපේක්ෂාව අලුත් අවුරුද්දේ යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමයි.

පවතින දුෂ්කර කාලය පසුකර යෑමට වුවද අප සියලු දෙනා එක්ව, එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු වේ.

අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව ඔබ අප මුහුණ දුන් පීඩාවන් එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් රජය දැනටමත් ක්‍රියාවට නංවමින් සිටියි.

ඔබට, ඔබේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම සමස්ත රට වැසියන්ට උදාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!යැයි ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

Related posts

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

Shiran Viraj

බි ළුණු මිල විශාල ලෙස ඉහලට…

Shiran Viraj

බේරුවලින් කොරෝනා 15ක් හමුවේ.. 25,000ක් නිරෝධායනයට..

Shiran Viraj
Translate »