27.8 C
Colombo
2026-08-03
mediahumanrights.lk
Local NewsNews

ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් බලපෑම්…

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් – මාධ්‍ය නිදහස සීමා කිරීමට මාධ්‍ය හිමිකරුවන්ට සහ දේශපාලන බලධාරීන්ට ඉඩ නොතැබිය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

16 උදෑසන දුරකතනයෙන් තමා ඇමතූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මාධ්‍ය වාර්තාකරණ කටයුත්තකින් ඉවත් වන ලෙස බලපෑම් කළ බව මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසයි. 0***** දරන දුරකතන අංකයෙන් කතා කළ ඔහු, තමන් *** නාළිකා ප්‍රධානි ****ගේ මල්ලී බව ද අම්බලන්තොට වැලි ජාවාරම් පිළිබඳ පටිගත කළ දර්ශන වාර්තා කිරීමෙන් වළකින මෙන් දැනුම් දුන්  බවද සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන මාධ්‍යවේදී රාහුල් සමන්ත පවසයි.

අදාළ දුරකතන ඇමතුමේ පටිගත කළ හඬපටද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත එවා ඇති අතර රාහුල් සමන්ත පවසන්නේ අංකය අනුව කළ පරීක්ෂා කිරීමේදීද එය දුමින්ද සිල්වාගේ දුරකතන අංකය ලෙස තහවුරු වූ බවයි.

රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු මෙන්ම ප්‍රබල දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙකුද වන දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට සිරදඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති සමාව මත නිදහස් ව තිබෙන පසුබිමක මෙවැනි සිදුවීමක් සුළුකොට තැකිය නොහැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

එමෙන්ම ඔහු, මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වයට සම්බන්ධ තැනැත්තෙකු ලෙස මාධ්‍යවේදියෙකුට මෙලෙස බලපෑම් කිරීම ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන අනිසි අතපෙවීම් විදහා දැක්වෙන, හෙලා දැකිය යුතු  අශෝභන සිදුවීමක් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.

රාහුල් සමන්තගේ වාර්තාකරණයට අදාළ රජයේ ආයතන ඔහු පිළිබඳ තොරතුරු ජාවාරම්කරුවන්ට හා වෙනත් පාර්ශවවලට ලබා දීම නිසා මෙවැනි තත්වයක් උද්ගත වන්නේ නම් එය ඉතා බරපතල තත්වයකි. එබැවින් මේ සම්බන්ධයෙන් වහා සොයා බලන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයට බලකර සිටී.

ලසන්ත ද සිල්වා                                                                                       කැදවුම්කරු

හනා ඊබ්‍රහීම්
ලේකම්

Related posts

බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපති

Shiran Viraj

අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..

Shiran Viraj

ආර්ථික මධ්‍යස්ථාන සමාගම් පාලනයට පැවරීමේ තීරණයට වෙළෙඳ ප්‍රජාවගෙන් දැඩි විරෝධයක්

Shiran Viraj
Translate »