mediahumanrights.lk
NewsPolitical

අප ගෝත‍්‍රික සමාජයක් බවට පත්වෙමින් සිටිනවා..- නාමල්

සංගීත සන්දර්ශනයක් පැයකට කලින් නතර කළේ යැයි සංගීත කණ්ඩායමට පහර දෙන තරුණ පිරිස් සිටීමෙන් පෙනී යන්නේ මෙම සමාජය ගෝත්‍රික තත්ත්වයකට පත්වෙමින් තිබුණු බව යයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෑත කාලයේ අසන්නට ලැබෙන පුවත් වලින් රට යන්නේ කොහේදැයි පේන පේන බව ද පැවසූ ඔහු කොරෝනා රෝගය පැවති කාලයේ තරුණයන්ගේ ආගම සමග තිබූ සම්බන්ධතාවය නැතිව ගිය බවද සඳහන් කළේය.

එනිසා සුබවාදීව හිතන සමාජයක් ගොඩනැගිය යුතු බවත් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළාට මිනිස්සු හැදෙන්නේ නැති නම් ඇති වැඩක් නැති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට පැවති උත්සවයක් අමතමිනි.

Related posts

රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි..

Shiran Viraj

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

Shiran Viraj

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානය

Shiran Viraj
Translate »