23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
Local NewsNews

ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්…

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරේ.

ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය සිදුවූ අතර, එය සංකේතාත්මක වශයෙන් අද (08) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukosi Hideaki) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙනු ලැබිණ.

ලෑන්ඩ් කෘසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 700ක් වේ.

ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ රජයේ රස පරීක්ෂක ගෞරි රමනා මහත්මිය වාහන සහ උපකරණ භාර ගනු ලැබූහ.

අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවකට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

ශ්‍රී ලංකාවේ සිය දිවි හානි කර ගැනීම් බහුල ඇයි?

Shiran Viraj

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේ

Shiran Viraj

පන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.

Shiran Viraj
Translate »