mediahumanrights.lk
NewsPolitical

අප ගෝත‍්‍රික සමාජයක් බවට පත්වෙමින් සිටිනවා..- නාමල්

සංගීත සන්දර්ශනයක් පැයකට කලින් නතර කළේ යැයි සංගීත කණ්ඩායමට පහර දෙන තරුණ පිරිස් සිටීමෙන් පෙනී යන්නේ මෙම සමාජය ගෝත්‍රික තත්ත්වයකට පත්වෙමින් තිබුණු බව යයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෑත කාලයේ අසන්නට ලැබෙන පුවත් වලින් රට යන්නේ කොහේදැයි පේන පේන බව ද පැවසූ ඔහු කොරෝනා රෝගය පැවති කාලයේ තරුණයන්ගේ ආගම සමග තිබූ සම්බන්ධතාවය නැතිව ගිය බවද සඳහන් කළේය.

එනිසා සුබවාදීව හිතන සමාජයක් ගොඩනැගිය යුතු බවත් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළාට මිනිස්සු හැදෙන්නේ නැති නම් ඇති වැඩක් නැති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට පැවති උත්සවයක් අමතමිනි.

Related posts

කොවිඩ් ආසාදිතයින් 252ක්

Shiran Viraj

එජාපය ගමේ බලය අල්ලන හැටි ඇමති චන්ද්‍රානි කියයි

Shiran Viraj

අනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…

Shiran Viraj
Translate »