mediahumanrights.lk
Local NewsNews

අධි වේගයෙන් ගිය මෝටර් රථය උඩුකුරුව කුඹුර දිගේ යයි..

යාපනය අල්ලෙයිපිඩ්ඩි ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ කාර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කයිට්ස් පොලීසිය පවසයි.

කාර් රථය යාපනය සිට අල්ලෙයිපිඩ්ඩි දක්වා ධාවනය වී ඇති අතර එහිදී අධික වේගයෙන් ධාවනය වූ කාර් රථය රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල වෙල්යායකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි අනාවරන වී ඇත.

අනතුරින් එහි ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා කයිට්ස් මූලික රෝහල වෙතට ඇතුලත් කොට ඇති අතර තුවාල ලැබූවන් යාපනයේ පදිංචිකරුවන් බවටද වැඩිදුර පරික්ෂණ සිදුකරන කයිට්ස් පොලීසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ඖෂධ හිගයි.. රෝහල්වල ශල්‍යකර්ම සීමා කරයි… පිළිකා සහ හදිසි අනතුරු සැත්කම් පමණයි..

Shiran Viraj

ශ්‍රී ලංකාවට මුල් මාස 6 තුළ ඩොලර් බිලියන 10.1 ක අපනයන ආදායමක්

Shiran Viraj

ගිනි අවියක් සමඟ 1ක් මාට්ටු

Shiran Viraj
Translate »