26.1 C
Colombo
2026-02-17
mediahumanrights.lk
NewsPolitical

කලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…

මේ ආණ්ඩුව බලය ගන්න කලින් ගහපු කයිවාරුවල හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩමුත් ලංකාවට ගනී කියා සිතු බවත් අද සිදුවන්නේ රටේ සම්පත් සියල්ල විකුණා දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හොරොව්පොතාන ගලෙන්බිදුනුවැව දී සමගි ජනබලවේගයේ ගොවි උද්ඝෝෂණයක් පැවැත්විණි.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

“මැතිවරණය දිනන්න කලින් ගොවියෝ ගැන කතා කරපු හැටියට චීනටත් හාල් දෙයි කියලයි මිනිස්සු හිතුවේ.

මැතිවරණයට කලින් ගහපු කයිවාරුවල හැටියට ආර්ථිකය ගොඩදාන හැටි ගැන ඇමරිකාවටත් ටියුෂන් දෙයි කියලයි අපි හිතුවේ.

සෞභාග්‍යයේ දැක්මෙ තියෙන විදිහට මේ රටේ දුප්පත්කම කෞතුකාගාරයට දායි කියලයි මිනිස්සු හිතුවේ. එහෙත් අද සිදුවන්නේ මේ සියල්ල කනපිට හැරීමයි” යනුවෙන් විපක්ෂ නායකතුමා පැවසීය.

ඒ දවස්වල බලය වෙනුවෙන් වඳ කොත්තු ගැන කතා කොට ජාතිවාදය අවුස්සපු උදවිය අද පකිස්ථානයෙන් ණයට සහල් ඉල්ලන තත්ත්වයට පත්ව ඇති බවද විපක්ෂ නායකතුමා පැවසීය.

– media unit

Related posts

සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට..? නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..?

Shiran Viraj

ඉන්දිය අත්අඩංගුවේ සිටි ලාංකික ධිවරයින් 18 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකෙරේ

Shiran Viraj

ණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..

Shiran Viraj
Translate »