mediahumanrights.lk
Local NewsNews

‘කතෝලික පල්ලිය එක්ක හැප්පෙන්න එපා.. අපි බලවත්..’ ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට යන බව අගරදගුරු ලෝකය අමතා කියයි..

මෙරටට අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නැති බව අගරදගරැ මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින් කාදිනල් හිමියන් මේ බව කීහ.

මෙම හමුව සංවිධානය කර තිබුනේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව විසිනි.

දේශීය වශයෙන්ම කිසිවක් සිදු නොවීම සහ නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා නොබලන වටපිටාවක් තුළ ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නොමැති බවයි.

“අපි පුළුවන්තරම් උත්සාහා කළා. අපේ රට තුළ මේ ප්‍රශ්නය විසඳලා අපේ ජනතාවට යුක්තිය ඉටු කරන්න. හැබැයි ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිදානයට යනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ. අපි මේ ගැන සකලා බලනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නෙවෙයි අපිත් සමඟ සම්බන්ධතා තියෙන බලවත් රටවල්වලටත් යනවා.

අපි ඒ රටවල්වට බලපෑම් කරනවා කතෝලික පල්ලිය ඇවිල්ලා ජාත්‍යන්තර සංවිධානයක්. අපිට ලෝකේ පුරා සම්බන්දතා තියෙනවා. අගරදගුරු කෙනෙක් හැටියට මට තවත් සහෝදර අගරදගුරුවරු ඉන්නවා බලවත් රටවල්වල ඒ නිසා අපිට ඒක කරන්න පුළුවන්.

අපි බලාපොරොත්තුවක් තිබ්බා මේකට දේශීය වශයෙන් පිළිතුරක් හොයාගන්න නමුත් ඒක කෙරුනේ නැහැ. අපිට පේනවා දේශිය වශයෙන්ම මේක කිසිවක් වෙන්නේ නෑ. නීතිපතිවරයා යටතේ ක්‍රියාත්මකවන නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා බලන්නේ නැහැ. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට යනවා ඇරෙන්න කිසි විසඳුමක් නෑ”

Related posts

අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

Shiran Viraj

දිනක්ෂිව පුදුම කළේ විශේෂ කෙනෙක්ද?

Shiran Viraj

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ශ්‍රී ලංකා ප්‍ර‍මිති සහතිකය සඳහා ආධාර ලබා ගැනීමට අවස්ථාවක්

Shiran Viraj
Translate »