mediahumanrights.lk
NewsPolitical

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

වත්මන් පාලනය යටතේ පැවති වසර දෙකට ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

යුද්ධයක් පැවැති ඇෆ්ගනිස්තානයේ විදේශ සංචිත වර්ධනය වී ඇති බවත් ශ්‍රී ලංකාව සිටින්නේ ඊට පහළින් බවත් හෙතෙම කියා සිටියි.

අද වන විට දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද හෙතෙම පැවසීය.

‘මේ ජනාධිපතිවරයා මේ වසරේත් ෆේල් තමයි. ඒක ස්ථීරයි. ඒ නිසා තවදුරටත් ජනතාවට ඉවසන්න කියලා ඉල්ලන්න බැහැ. දකුණු ආසියාවේ බංකොලොත්ම රට ලංකාව. යුද්ධයක් පැවති ඇෆ්ගනිස්ථානයෙත් විදේශ සංචිත වර්ධනය වෙලා. දකුණු ආසියාවේ සියලුම රටවල් සමග බලද්දි සියයට 79කින් ලංකාවේ විදේශ සංචිත පහළ බැහැලා. මේ වසර දෙකට රට බංකොලොත් කරලා. දෙවසරේ පාලනය රටට සාපයක් වෙලා. සල්ලි තිබුණත් වැඩක් නැහැ. අනුන්ගෙ කලිසම් අඳිනවා වගේ අපි පටන් ගත් අධිවේගී මාර්ග දැන් විවෘත කරමින් යනවා’

Related posts

අර්ජුන් සමඟ දුරකථන සංවාද කළ කෝප් සාමාජිකයින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Shiran Viraj

ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…

Shiran Viraj

පාසල් හැරයාම වැළැක්වීමට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් – ජනාධිපති

Shiran Viraj
Translate »