25.6 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

විදුලි මහා අවුලක.. කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…

ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය පෙරේදා (06 වැනිදා) සිට අක‍්‍රීය වූ අතර ඉන් පසුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ක‍්‍රියාත්මක වෙමින් තිබූ මොගොවොට් 300 ක්, කොළඹ වරායේ බාච් බලාගාරය (මොගොවොට් 60) සපුගස්කන්ද (මෙගොවොට් 68) වශයෙන් බලාගාර කිහිපයක නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක්ම පද්ධතියෙන් ඉවත්ව ඇත.

මේ නිසා 06 වැනිදා රාත‍්‍රියේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදුවූ අතර බලාගාර කිහිපයකටම අවශ්‍ය ඞීසල් හා දැවි තෙල් නොමැතිවීම නිසා බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබූ බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටියේය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය මෙගොවොට් 900 කි. නමුත් සති කිහිපයක සිට එම බලාගාරයේ මෙගොවොට් 300 කින් සමන්විත එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් අලූත්වැඩියා කටයුත්තක් සඳහා නතර කර තිබිණි.

ඒ අතරතුර කැලණිතිස්ස බලාගාරයේ ජීටී – 07 බලාගාරය හදිසියේ නතර වූ පසු විදුලි පද්ධතිය බිඳ වැටීමෙන් ක‍්‍රියාත්මක වෙමින් තිබූ නොරොච්චෝල බලාගාරයේ මෙගොවොට් 300 ක එක් යන්ත‍්‍රයක් පද්ධතියෙන් ඉවත්වී අක‍්‍රීය වූ බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පැවසූහ.

අක‍්‍රීය වූ මෙගොවොට් 300 නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක් කිරීමට දින හතකට වඩා යන බවද ඔවුහු පැවසූහ.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඞීසල් හා දැවිතෙල් බලාගාර සඳහා ලබාදීම පමා කිරීම නිසා බරපතළ විදුලි අර්බුදයක පෙර නිමිති මතුවී ඇතැයිද ඔවුහු කියා සිටියහ.

හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවුවහොත් එම බලාගාරවලට අවශ්‍ය ඞීසල් මිලදී ගැනීමට ඩොලර් ප‍්‍රශ්නය හරස් වී ඇතැයිද ද ඉංජිනේරුවෝ කියා සිටිති.

වාර්ෂිකව මෙරට විදුලි ඉල්ලූම මෙගොවොට් 250-300 කින් පමණ ඉහළ ගියත් 2006 න් පසු එකදු විදුලි බලාගාරයක් හෝ ඉදි නොකළ නිසා ඉදිරි කාලයේදී අඛණ්ඩව රටට විදුලිය ලබාදීම මහ අවුලක බවද ඔවුහු කියා සිටිති.

දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ දිනකට කපන පැය ගණන තීරණය කිරීම නොව දිනකට විදුලිය ලබාදිය හැකි පැය ගණන තීරණය කිරීම යැයිද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කියති.

ශිරාන් රණසිංහ
– divaina

Related posts

ඒ මිනිස්සුන්ට කොහෙද TV බලන්න කරන්ට් එක? – කටපියාගෙන වැඩක් කරනවා මනුස්සයෝ – කිම් කාඩිෂන් ඇමරිකන් ජනපතිට කියයි!

Shiran Viraj

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 15303ක් දක්වා ඉහළට

Shiran Viraj

ප්‍රබල උල්කාපාතයක් පෘථිවිය දෙසට වේගයෙන් ඇදී එයි

Shiran Viraj
Translate »