mediahumanrights.lk
Local News News

රටට ඉතාම බරපතලයි.. තවත් නොසගවා ජනතාව ඇත්ත කියන්න..- සෙසු පක්‍ෂ තීරණාත්මකව ජනපතිට දැනුම් දේ…

රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී රැස්වී කල සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අද හෙටම භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇත .

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය ජනතාවගෙන් වසන් නොකර සත්‍ය තත්ත්වය ගැන ජනතාව දැනුවත් කළ යුතු බව ද එහිදී පක්ෂ නායකයින් පෙන්වා දී ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද ,ඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ .

– ලංකාදීප

Related posts

බිනර පුන් පසලොස්වක පොහොය අදයි

Shiran Viraj

ස්පාඤ්ඤයේ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයට

Shiran Viraj

ශිෂ්‍යත්වයට නව වැඩපිළිවෙලක්

Shiran Viraj