mediahumanrights.lk
Local NewsNews

අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන්ට ලබා දී ඇත්තේ රුපියල් පන්දහසක් බව හෙළිවෙයි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා ගන්නා ලද පුද්ගලයන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් කියා සිටියේ කොළඹ සිටින ව්‍යාපාරිකයෙක් තමනට රුපියල් පන්දහසක් දී මෙම ස්ථානයට තමන් යොමු කළ බවයි.

ඔවුන් දෙදෙනා මේ වන විට නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටී.

නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගම්පහ ප‍්‍රදේශයේ ප්‍රබල ඇමැතිවරයෙක් සහ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ විසින් මෙම පිරිස මෙහෙයවා ඇති බවයි.

Related posts

කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

Shiran Viraj

නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපති

Shiran Viraj

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට; විවාදය අගෝස්තු 5 වැනිදා

Shiran Viraj
Translate »