mediahumanrights.lk
NewsPolitical

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

වත්මන් පාලනය යටතේ පැවති වසර දෙකට ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

යුද්ධයක් පැවැති ඇෆ්ගනිස්තානයේ විදේශ සංචිත වර්ධනය වී ඇති බවත් ශ්‍රී ලංකාව සිටින්නේ ඊට පහළින් බවත් හෙතෙම කියා සිටියි.

අද වන විට දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද හෙතෙම පැවසීය.

‘මේ ජනාධිපතිවරයා මේ වසරේත් ෆේල් තමයි. ඒක ස්ථීරයි. ඒ නිසා තවදුරටත් ජනතාවට ඉවසන්න කියලා ඉල්ලන්න බැහැ. දකුණු ආසියාවේ බංකොලොත්ම රට ලංකාව. යුද්ධයක් පැවති ඇෆ්ගනිස්ථානයෙත් විදේශ සංචිත වර්ධනය වෙලා. දකුණු ආසියාවේ සියලුම රටවල් සමග බලද්දි සියයට 79කින් ලංකාවේ විදේශ සංචිත පහළ බැහැලා. මේ වසර දෙකට රට බංකොලොත් කරලා. දෙවසරේ පාලනය රටට සාපයක් වෙලා. සල්ලි තිබුණත් වැඩක් නැහැ. අනුන්ගෙ කලිසම් අඳිනවා වගේ අපි පටන් ගත් අධිවේගී මාර්ග දැන් විවෘත කරමින් යනවා’

Related posts

වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..

Shiran Viraj

මොරටු නගරාධිපති පොලිස් අත්අඩංගුවට…

Shiran Viraj

ස්පාඤ්ඤයේ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයට

Shiran Viraj
Translate »