mediahumanrights.lk
Local News News

බොරැල්ලේ පල්ලියට බෝම්බ තැබූ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී.. පනස්දාහක කොන්ත‍්‍රාතුවක්..

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ලෙස සකස් කරන ලද අත් බෝම්බයක් තැබූවේ යැයි චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරුට එම බෝම්බය තැබීම සඳහා යම්කිසි පුද්ගලයෙක් රුපියල් පනස් දහසක මුදලක් ලබාදී ඇති බවට මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.

එම මුදල ලබා සුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක ය.

බෝම්බය තැබූ බව පැවසෙන ප්‍රධාන සැකකරු හා ඊට අනුබල දීම හා මුදල් ලබා දීමත් සිදු කළ පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයිද පොලිසිය කියා සිටියි.

Related posts

ලංකාවේ වෘත්තීය නිළියක් වෙන්න හදන කෝටිපතියෝහි අංජලී

Shiran Viraj

වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය සමඟ 2ක් මාට්ටු

Shiran Viraj

සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි – Video Photos

Shiran Viraj