mediahumanrights.lk
NewsPolitical

ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

ආණ්ඩුව ජාත්‍යන්තර ණය ගෙවීමට පෙර රටේ ජනතාව ජීවත්කරවීඹ උදෙසා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු පලාත් සංචාරයක නිරත වෙමින් ජනරැලියකදී පවසා සිටියේය.

විපක්ෂ නායක වරයා මේ දිනවල උතුරේ සංචාරයක නිරත වන අතර ඊයේ සහ අද (12) දිනයන්හි කිලිනොච්චිය සහ යාපනයේ ජනහමු කිහිපයක් වෙනුවෙන් සහභාගී විය.

එමෙන්ම “දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහන යටතේ දුෂ්කර පාසල් වෙනුවෙන් අධ්‍යාපනික තාක්ෂණික උපකරණ ලබා දීම සහ “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහනට සමගාමීව උතුරේ දුෂ්කර රෝහල්වෙත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබා දීමටද විපක්ෂ නයක වරයා විසින් පියවර ගන්නා ලදි.

මේ අතර උතුරේ ස්ථාන කිහිපයකදී විපක්ෂ නායකවරයා පැවති ජනහමුවලට සහභාගී වෙමින් ජනතාව අමතා පවසා සිටියේ,

‘‘ළගදීම ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය ගෙවන්න තියෙනවා. නමුත් මොනව කරන්නටත් පෙර ජනතාව ජීවත් කරන්නට ඕනි කියලා ආණ්ඩුවට කියන්න කැමතියි. ජනතාවට අවශ්‍ය ආහාර ටික, ඖෂධ ටික,  ඉන්ධන ටික ලබාදීම මේ ආණ්ඩුවේ වගකීම. ඉන්ධන නැතිවුනොත් රටේ කර්මාන්ත පද්ධතියම, ජන සමාජයම කඩාගෙන වැටෙනවා. ආණ්ඩුවට සැලැස්මක් නැද්ද මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. ආණ්ඩුව දක්ෂ රටේ ආර්ථික ප්‍රශ්න, ඩොලර් ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ආණ්ඩුව කරන්නේ ජාතීන් ජාතීන්, ආගම් අතර වෛරය පතුරවලා අනවශ්‍ය තත්වයක් නිර්මාණය කරන එකයි.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රටට අගයක් එක් කරන දේශපාලනයක යෙදෙන සියළු පාර්ශව වලට මම ආරාධනා කරනවා.

මේ ව්‍යසනකාරී මොහොතේ පවා මැති ඇමතිවරු ලෝකෙ පුරා සංචාරය කරනවා. එකපැත්තකින් විදුලි බල අමාත්‍යංශයට සහ ඛනිජ තෙල් අමාත්‍යංයට එක්ව තීන්දුවක් ගන්නට බැරි තරමට පිරිහිලා.

අද සියලු ශ්‍රේණිගත කිරීම්වල අපේ රට පහළට ඇදවැටිලා ආණ්ඩුව පත් වූ සැනින් කෝටිපතියන්ට බදු සහන ලබාදෙමින් සිදුකළ අදූරදර්ශී අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන මූලිකව රටේ පරිහානිය සිදු වීම ආරම්භ වූණා. අද වන විට අත්‍යවශ්‍ය ඖෂධ ටික ලබාගැනීමට පවා මුදල් අහිමි වූ බංකොලොත් තත්වයකට රට පත්වෙලා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කුඩු වෙළදාමේ යෙදුනු භික්‍ෂුවක් අත්අඩංගුවේ..

Shiran Viraj

බුකියේ හුවමාරු වන කොළඹ සුපිරි හොටලයේ මාළු පාන්, රෝල්ස්වලට ආපු 3900 බිල ගැන කතා කරපු අයටයි මේ

Shiran Viraj

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

Shiran Viraj
Translate »