mediahumanrights.lk
Local NewsNews

කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල ධාරිතාව අඩි 155 වන අතර (21) දින අලුයම 6 වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 18 කින් පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩි 157 වන අතර (21) දින අලුයම වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 34 කින් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩු විමත් සමග එම ජලාශය ඉදි කිරිමේදි යට වු නටබුන් රැසක් මේ දිනවල යලි මතු වෙමින් පවති.

මවුස්සාකැලේ ජලාශයෙන් ජලය ලබාගෙන මෙගාවොර්ට් 75 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව දැනට මාසයක පමණ කාලයක් නතර කර ඇති අතර ,එම විදුලි බලාගාරය හැර ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සදහා අවශ්‍ය ජලය ලබා ගැනිමට කැනියොන් ජලාශයේ සොරොව්ව මාසයක පමණ කාලයක් දිවා රාත්‍රි දෙකේම විවෘත කර ඇති අතර , එම නඩත්තු කටයුත්ත අවසන් විමට තවත් මාස කිහිපයක් ගත වන බවයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අගමැති අනලාලු.. ජනපති අතදාන්නෑලු…

Shiran Viraj

ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්"හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?

Shiran Viraj

රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්

Shiran Viraj
Translate »