mediahumanrights.lk
Local NewsNews

පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..

මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත.

පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී තිබේ.

මාර්ග වල තැනින් තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍ර තාවයක් ඇති වීම මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තියද හේතුව නිසා ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරනු ලැබීය.

දණ්ඩ නීති සංග්‍රහය අනුව එම වරද කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම කළ හැකි බවද පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

Related posts

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

Shiran Viraj

තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලා

Shiran Viraj
Translate »