2026-02-10
mediahumanrights.lk
Local NewsNews

නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..

නැවතත් කොරෝනා ආසාධිතයන් ඉහළ ගොස් රට වසා දැමුවහොත් මාසික වැටුප පවා ගෙවාගැනීමට අසීරු වනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

දැනට රට වසා දැමීම හොඳම පියවර ලෙස පෙනී ගියද එය තවත් ආකාරයකට ආර්ථික අගාධයකට රට ඇද දැමීමක් වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිසා දැනට ලිහිල් කර ඇති සංචරන නිදහස අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බුද්ධිමත්ව භාවිතා කරන්නැයිද කරන්නේද ඔහු ඉල්ලා සිටියි.

එසේ නැත හොත් නුදුරු දිනකදීම ආර්ථිකය ඇද වැටීම හේතුවෙන් මාසික ආදායම අහිමි වන තැනට පත් විය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් ආරාධනයක්

Shiran Viraj

බිහිසුණු තත්ත්වයක්! මහා පරිමාණ නාය යාම්වල මෙහෙයුම් නවතී: පස් යට තවත් විශාල සිරුරු සංඛ්‍යාවක්?

Shiran Viraj

නුවරඑළිය මාර්ග යථා තත්ත්වයට: එහෙත් කොත්මලේ නැගෙනහිරට ගුවන් මාර්ගයෙන් සහන

Shiran Viraj
Translate »