mediahumanrights.lk
Local NewsNews

පාසල ඉදිරිපිට සුදු ඉරේදී සිසුවියන් බසයට යටවී මරුට… දෙදෙනෙකුට බරපතලයි…

කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලය ඉදිරිපිට ඒ-9 මාර්ගයේ පදික මාරුවේ ගමන්කරමින් සිටි පාසල් සිසුවියන් පිරිසක් ඊයේ (15) දින අනතුරට ලක්වීමෙන් සාමාන්‍යපෙල ඉගෙනුම ලැබූ සිසුවියක් මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

වව්නියාවේ සිට යාපනය දක්වා ඒ-9 මාර්ගයේ ගමන්ගත් ලං ග ම බස් රථයක වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වීමෙන් කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලය ඉදිරිපිට ඇති පදික මර්ගය හරහා ගමන්කරමින් සිටි සිසුවියන් අනතුරට ලක්වී ඇත බවට අසල පිහිටි සී.සී.ටී.වී. දර්ශන මගින්ද අනාවරනය වී ඇතැයිද පොලීසිය පවසයි.

එහිදී බස් රථයට ඉදිරියෙන් ගමන්කල කැන්ටර් රථ දෙකක් පදික මාරුවේ ගමන්කල පාසල් සිසුවියන්ට ගමන්කිරීමට ඉඩ දී නවතා සිටියදී පිටුපසින් අධික වේගයකින් පැමිණි ලංගම බස් රථයට වේගය පාලනය කරගැනීමට නොහැකිව කැන්ටර් රථ දෙකේ වැදීමෙන් පදික මාර්ගය හරහා ගමන්කරමින් සිටි සිසුවියන් පිරිස යටවී ඇති බවට පොලීසිය පැවසීය.

අනතුරින් එක් සිසුවියක් එම අවස්ථාවේදීම කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරන අවස්ථාවේදීම මිය ගොස් ඇති අතර තවත් සිසුවියක් සහ සිසුවෙකු බරපතල තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

එමෙන්ම ඉදිරියෙන් ගැටුනු කැන්ටර් රථ දෙකේද රියදුරන් සුලු තුවාල ලබා ඇති අතර එම රත දෙකටද හානි සිදුව ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි තිරුවාසගම් මධුෂාලිනි වන අතර අනතුරින් පසුව ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරිකත්ෂණ මෙහෙයවයි.

මේ අතර අදාල අනතුර සම්බන්ධයෙන් අනතුර සිදුවූ ස්ථානයේදීම කිලිනොච්චියේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් විරෝධතාවකද නිරත වූහ.

විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ අදාල ස්ථානයේ පාසල් දරුවන් නිතර මාර්ගය හරහා මාරුවුවද එහි රථපාලනය කිරීමට පොලිස් නිලධාරීන් යොදවා නොමැති හෙයින් මෙලෙස අනතුර සිදුව ඇති බවටත් පොලිස් රාජකාරිය ඉටු නොවීම මෙම අනතුරට තවත් ප්‍රධාන හේතුවක් බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

මාදනීට එකම චිත්‍රපටයේ චරිත එකොළහක්‌…

Shiran Viraj

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි

Shiran Viraj

විපතට පත් රට මුදා ගන්න ආණ්ඩුවත්, විපක්ෂයත් එක් විය යුතුයි..- ශ්‍රී පාදස්ථානාධිපති

Shiran Viraj
Translate »