23.9 C
Colombo
2026-03-02
mediahumanrights.lk
BusinessBusiness NewsNews

පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..

පාන් මිල රු 10 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල රු 5 කින් වැඩි කිරිමත් සමග පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වල අලෙවිය විශාල අඩුවක් දක්නට ඇති බව හැටන් ප්‍රදේශයේ බේකරි නිෂ්පාදකයන් කියා සිටියි.

තිරිගු පිටි මිල රු 17.50 කින් වැඩි කිරිමත් සමග එයට සමගාමිව පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරිමට සිදු වු බවත්, එම තත්ත්වය හමුවේ තම බේකරි නිෂ්පාදන වල අලෙවිය (29) දින අඩු බවයි එම වෙලදුන් කියා සිටින්නේ.

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ තවත් බේකරි නිෂ්පාදන හිමියෙකු කියා සිටියේ තමන් සතුව දින 10 ප්‍රමාණවත් තිරිගු පිටි තොග තිබු නිසා එම තිරිගු පිටි තොග අවසන් වන තෙක් පාන් හෝ බේකරි නිෂ්පාදන වල මිල ඉහල  දැමිමට කටයුතු නොකරන බවයි.

පැරණි මිලට පාන් සහ බේකරි නිෂ්පාදන අලෙවි කිරිමේදිද අලෙවිය අඩුවක් තිබු බවත්, නව මිලට බේකරි නිෂ්පාදන අලෙවි කිරිමේදි වෙලදාම තවදුරටත් අඩුවිය හැකි බවයි එම වෙලදුන් කියා සිටින්නේ.

හැටන් ප්‍රදේශයේ ආපන ශාලා හිමියන්ද (29) දින සිට තිරිගු පිටි ආශ්‍රිත කෙටි ආහාර වල මිල වැඩි කර අලෙවි කිරිමට ඔහුන්ගේ සංගමයේ තිරණ අනුව පියවර ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

මාරම්බරීට 100 යි එඩ්වඩ් – චරිතා යුවළගේ පුතයි දුවයි වේදිකාවට…

Shiran Viraj

මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට චීන වෙළෙඳපොළ විවෘත කරයි..

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉතිහාසය මොඩියුලයේ ද බරපතළ දෝෂ පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි

Shiran Viraj
Translate »