mediahumanrights.lk
Local News News

‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..

අලුතින්ම හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම වෛරස් ප්‍රභේදය වාර්තා වන රටවල් හයක් සම්බන්ධයෙන් රජය මීට දින තුනකට පෙර ක්‍රියාමාර්ග ගත් බවද ඔහු පැවසීය.

මේ වන විට ගුවන් තොටුපොළේ ද සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් සියලුම පැමිණෙන අයගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරන බවත් ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා අදාළ අංශ විසින් මේ පිළිබඳව විශේෂ ජංගම දුරකථනය යෙදවුමක් පවා හඳුන්වා දී ඇතැයිද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

Related posts

කුසල් ආදරය කරන දත් දොස්තර නෝනා මෙන්න

Shiran Viraj

රහස් පොලිසිය ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්න යයි.. අල්ලස් චෝදනාවක්…

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

Shiran Viraj